කදුළු බිදුවක් නෙතු - රුවන් හෙට්ටිආරච්චි | Kandulu Biduwak Nethu Agin Watuna - Ruwan Hettiarachchi - sinhala lyrics


කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා..
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා..
පෙනෙන නොපෙනෙන - මතක අතරේ..
හිතට හුරු නැති තනිකමක් දැනුණා..
තනිකමක් දැනුණා...

සිහින ගිළිහී දෙපාමුල වැටුණා..
ඔයා නොකියම දුර ගිහින් තිබුණා..
බිදී මිය ගිය පැතුම් අභියස..
දරන්නට බැරි තරම් දුක හිතුණා..
තරම් දුක හිතුණා...

කදුළු බිදුවක්...

සුවඳ අහිමියි කියා හිත හැඬුවා..
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා..
බිදී මිය ගිය පැතුම් අභියස..
ආදරේ නැති අඬුව මට දැනුණා
අඬුව මට දැනුණා....

කදුළු බිදුවක්...

ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : ප්‍රසංගි විජේවර්ධන
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments