දවසක් දා රෑ වසන්ත - නීලා වික්‍රමසිංහ | Dawasak Da Ra Wasantha Sanakeliye - Neela Wickramasinghe - sinhala lyrics


දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ..
ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

කලබල නගරේ යද්දී මද්දහනේ..
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පිරූ රිය හඬ මැද්දේ..
ඔහුගේ ගී හඬ හිත රැදුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ..
ඇයි හිත රිදවන්නේ - කිසිවක් නොකියන්නේ..
ඔහු අත වෙනතක බැඳලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ - කවුදෝ දන්නේ...//

දවසක් දා රෑ වසන්ත...

ගායනය - නීලා වික්‍රමසිංහ
තනුව - නිමල් මෙන්ඩිස් (Then He Kissed Me - The Crystals ඇසුරින්)
ගී පද - ගාමිණී විජේතුංග



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando

Comments

  1. Great Work
    Pls Remove පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ its a Another song of this artist

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...