හඬන තරම් ඔබ හින්දා - නොයෙල් රාජ් | Hadana Tharam Oba Hinda - Noyel Raj - sinhala lyrics


හඬන තරම් ඔබ හින්දා - කවුරුවත් දන්නෙ නෑ..
යන්න ගියත් මා රිදවා - කිසිදා තරහක් නෑ..
නොලැබෙනවා සිත කීවත් - ආදරේ අඩුවක් නෑ..
හීනෙන්වත් ළඟට එන්න - මට අවසර නෑ..
මට අවසර නෑ...

හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්..
අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ වගක්..
හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්..
දුර යන්න බෑ මට නුඹගෙන් බිඳක්..//

සුවඳවත් නෑ තියා යන්නට ගිහින්..
මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්..
හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්..
හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්..//

හඬන තරම් ඔබ හින්දා...

ගායනය : නොයෙල් රාජ්
පද රචනය : ඩිලංක ගයාන්
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Samadhi Arunachaya


Comments