ආරාධනා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Aaradhana - W. D. Amaradewa - sinhala lyrics


ආරාධනා.....ආ..රාධනා...

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා..
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා..
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න..
ආරාධනා.....ආ..රාධනා...

නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ..
මැකී ගියාදෝ...කාලයේ වෙරළේ..
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා..
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා..
ආරාධනා.....ආ..රාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ..
ඔබේ උණුසුමේ...යළිදු උපන්නෙම්..
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා..
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා.....ආ..රාධනා...

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

“ආරාධනා“ චිත්‍රපටයේ ගීතයක්



වීඩියෝව ගත්තෙ මෙතනින් - ruwantha wijethunga


Comments

  1. ගී පැදුරේ මේක තමයි මගේ කැමතිම සින්දුව ....අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ...ජය වේවා !!!

    ReplyDelete
  2. ඔබගේ උත්සාහය අතිශයින්ම් වටිනවා සහෝ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...