බිතු සිතුවම් - ගුණදාස කපුගේ, ලක්ෂ්මන් හේවාවිතාරණ | Bithu Sithuwam - Gunadasa Kapuge, Lakshman Hewawitharana
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්..
මිතුරු දමින් සමුගමුද ඉතින්...
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්...
මල කීවේ නෑ මට ඔබ පෙම්කල වග..
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව..
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නෑ..නෑ..
බිතු සිතුවම්......
මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම..
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ නෑ..
බිතු සිතුවම්....
ගායනය : විශාරද ගුණදාස කපුගේ, ලක්ෂ්මන් හේවාවිතාරණ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilina Weerawardana


තවත් සිත් බැඳගත් ගීතයක්..
ReplyDeleteකරුණාරත්න දිවුල්ගනේගේ හඩ නෙවෙයි නේද මේ
ReplyDeleteඅනේ ඔව්..,
Deleteස්තූතියි වරද පෙන්නුවාට...මේ ලක්ෂ්මන් හේවාවිතාරණ..!