යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ
ඈ සිටී මේ ලොවේ
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළා
බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ
පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ ////
ගායනය, සංගීතය - ආත්මා ලියනගේ
ගී පද - කුමාරි ලංකා
වීඩියෝව ගත්තෙ මෙතනින් - adaraya4.weeebly.com-Channel

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...