මංමුලා වෙලා අඳුරෙ මේ - ධර්මදාස වල්පොල | Manmula wela andure me - Dharmadasa Walpola - sinhala lyrics
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා //
වේය සිතෙ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා
රූපෙට රැවටිල ඇති සිත රාගෙන්
නාස්ති කළේ ඇයිද වැරදි තාලෙන්
මිහිරි විනෝදේ
බොහෝ සේ වින්දේ තේරී තේරී වේදනා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා
ජීවිතේ මේකද නැහැ තව තේරී
මේ ලොව සිහිනෙකි මායාකාරී
මිහිරි රස මිහිරි
වූ රාගේ වින්දේ ඇයිද විස ලෝකයා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා
මේ ලෙස ඇයි ඔබ ලෝකෙ මුලාවී
ආදර මිහිරි විනෝදෙ එපා වෙල
මායා මේ මායා
දැලෙහි පැටලී වෙලීල ඇයි අනේ
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා //
වේය සිතෙ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා
ගායනය - ධර්මදාස වල්පොල
සංගීතය - ධර්මදාස වල්පොල
ගී පද - කරුණාරත්න අබේසේකර
චිත්‍රපටිය - දීපශිකා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...