මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ
මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට
යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි
මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ
ගායනය, ගී පද (?) - දමිත් අසංක
සංගීතය - රවීන්ද්‍ර ශ්‍රීනාත්
වීඩියෝව ගත්තෙ මෙතනින් - sadeeshana

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...