වී පැදුරෙන් - ක්‍රීශාන්ත එරන්දක | Veepaduren - Krishantha Erandaka


වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

ඔබෙ දෙතොලේ - මොලකැටි බව
නාදුනන ලෙසින්..
නා දළු වැනි සුමුදු වෙතැයි
කියමිද කෙලෙසින්..

වී පැදුරෙන්...

ඔබේ සොදුරු - මුව මඬලේ
කැළුම් මම දුටිම්...
පුරපස හද ඔබ පරදයි
කියමිද කෙලෙසින්..

වී පැදුරෙන්...

ඔබෙ ආදර - නිමල දියේ
සිහිලස ලද මං..
තිබහට බොරවූ වතුරක්
බොන්නද කෙලෙසින්...

වී පැදුරෙන්...

ගායනය : ක්‍රීශාන්ත එරන්දක
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : එච්. එම්. ජයවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sujeewa Gunasekara

Comments