දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා..
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..
ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා..///
නුවර එළි කලා...
දුර පෙනෙන තැනිතලා...
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ
දුර පෙනෙන තැනිතලා...
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
තනුව - පී.ඩී. වින්සන්ට් පෙරේරා
ගී පද - ආනන්ද සරත් විමලවීර
වීඩියෝව ගත්තෙ මෙතනින් - lankastuff
හොඳයි..ඒත් නිතර අහන්න තරම් සිත් ගත් ගීයක් නෙවෙයි.
ReplyDeleteලස්සන කවියක්. ලස්සන සිත්තමක් මවයි
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
මේක විවියන්ද සිල්වා බොරලැස්ස මහත්මිය තනියෙන් ගයපු ගීතයක් නෙවෙයි.
ReplyDeleteඅනෙක් ගායකයා උනේ කාන්ති වක්වැල්ල මහතා