ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් නුඹේ හද දැවුණා
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නේ නෑ
මා සිතින් දැල්වූ හැම පහන්සිල ඔබමයි
දැවී දැවී එළිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නේ නෑ
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නේ නෑ
ගායනය - කසුන් කල්හාර
සංගීතය - රොමේන් මෙන්ඩිස්
ගී පද - චාමින්ද රත්නසූරිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - dilu653's channel

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...