ඈ පැවසූ ලෝකේ - භාතිය සහ සංතුෂ් | Ae pewasu loke - Bhathiya and Santhush


සිහින පැතුමන් ඈගේ
සැබෑ කර දුන්න සිතා
වෙන කාටවත්ම ඈ
ආදරේ වෙන්නෙ නෑ
ඔබ මුලා වී දෝ මට සිතෙයි
ඇගෙ ආදරේ මා හටමයි
ඇගෙ ජීවිතේ මා පමණයි
මා හටම පැවසුවා ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලෙ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
ඔබ සිතන්න එපා මිතුරේ

මුලා වී ඔබ ඈ රුවේ
සිතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දිරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ළං වෙලා
සැනසුනා ඈ එදා ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලෙ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
ඔබ සිතන්න එපා මිතුරේ ////


ගායනය, සංගීතය - භාතිය සහ සංතුෂ්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilnuwan Amaraweera

Comments