බුදු පියාණනේ - සෝමතිලක ජයමහ | Budu piyanane - Somathilaka Jayamaha


බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා

පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ

බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා //

සසර සයුරකට නෞකාවයි
නිමල අමිල නෙත් සිළිලාරයි
ලොවේ අනගි ගුණදම් මුහුදයි

බුදු පියා මගේ
භවේ අඳුර නැසු මිණි පහනයි //

හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ
හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ
තිලෝ තිලක සම්බුදු සමිඳේ

මම දිවා රැයේ
ගිලී නහමි මියකැන් දහරේ //


ගායනය, සංගීතය - සෝමතිලක ජයමහ
ගී පද - විජේතිලක රත්නායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Shehan De Vas Gunawardene

Comments

  1. ඇත්තටම ගීත අඩංගු කරන්න කියා මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි ගී පැදුර සදාකල් දිනේවා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...