බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී
කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
බුදු කරුණා දෑස තෙමී
කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි
බුදු කරුණා දෑස තෙමී
ගායනය, සංගීතය - නන්දා මාලිනී
ගී පද රචනය - අනුරාධ සෙනෙවිරත්න
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

ඇග් ගී හඬ ලොව පුරා පැතිරේ කොවුල් නාද දී
ReplyDeleteසත්‍යය බුදු දහම මොකද්ද?
සිංහල ගීතයක ගායකයා කවුද යන්න පහසුවෙන් සොයා ගැනීමට හැකි උවද එහි පද රචනය හා සංගීතය කාගේද යන්න සොයා ගැනීම බොහෝ විට අපහසු කටයුත්තකි. එම නිසා හැකි සෑම විටකදීම ගායනය, සංගීතය හා පද රචනය යන ත්‍රිත්වයම සඳහන් කරනවා නම් හොඳයි
ReplyDelete“ගී පැදුරේ“ පරමාර්ථයත් එයමයි...එහෙත් සන්නිවේදනයේ දුර්වලතාවය නිසා හෝ අපේ දැනුම මද බැවින් යම් විටෙක එය මඟහැරෙයි....
Deleteඑබැවින් පාඨක ඔබගෙන් අප ඉල්ලා සිටින්නේත් දන්නා සෑම තොරතුරක්ම ලබාදෙන ලෙසටයි..
හැකි නම් බුදු කරුණා දෑස තෙමා ගීතයේ අනුවාදනය ලබා දෙන්න
ReplyDelete