පා රම් පම් පෝ - අනූපමා ගුණසේකර | Pa ram pam poo - Anupama Gunasekara


එක යායක හීන ගෙනල්ලා
දුක පාළුව කොහෙද ගිහිල්ලා
දුර ඈතක ගිහින් ඇවිල්ලා
නුඹ ආවද මගෙ හිත ඉල්ලා
ආදරයට ඉඟියක් තියලා
මගෙ හිත නුඹ උණුසුම් කරලා
මට නොකියා හිතට ඇවිල්ලා
මගෙ හීනෙත් නුඹ ගෙනිහිල්ලා

මාගෙ හුස්ම නුඹේදෝ
අර පේන අහස මගේදෝ
නුඹ තාම මාගෙම නේදෝ

දඟකාරම ඉඟි බිඟි පාලා
මං ගාවම හීන තියාලා
නුඹ ආවම හිතයට මැවිලා
මට මාවත් අමතක කරලා
තහනම් නැති ප්‍රේමය හොයලා
හෙවණැල්ලේ තනිය මකාලා
මං අහස වගේමයි කියලා
ඒ අහසට නුඹත් ඇවිල්ලා

මාගෙ හුස්ම නුඹේදෝ
අර පේන අහස මගේදෝ
නුඹ තාම මාගෙම නේදෝ


ගායනය - අනූපමා ගුණසේකර
සංගීතය - තිළිණ රුහුණගේ
ගී පද - රඛිත වාකිෂ්ට




Comments

  1. Ela . . . Keep up it bro . . , . . . Gr8 work . . Gud luck

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...