දැසමන් මලක් වගේ - රෝහණ බැද්දගේ | Desaman Malak Wage - Rohana Beddage


දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

රාජ බෝජන නැත මට දෙන්නට..
සීන් සිනිදු සළු නැත මට දෙන්නට..
ගේදොර වතුපිටි නැත ගරු සරුවට..
යාන්තමට ඇත දිවි රැකගන්නට..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

දැසමන් මලක් වගේ....

පසුකරමින් මහ කදුවැටි ඕවිටි..
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි..
ගල්මුල් වල පය පැටලී වැටි වැටි..
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

දැසමන් මලක් වගේ....

ගායනය : රෝහණ බැද්දගේ
පද රචනය : රෝහණ බැද්දගේ
සංගීතය : රෝහණ බැද්දගේ

Comments

  1. ලස්සන ආසා හිතෙන ගීතයක්..!

    ReplyDelete
  2. මුලින්ම පටිගත කරපු වෙලාවේ "කවුද?" කිව්වේ ටීඑම්.

    ReplyDelete
    Replies
    1. මම හෙන පොඩියි ඒ දවස් වල... ඒ වුණාට තවම ඒ හඬ මතකයි හොඳට! ඔය සින්දුව ගුවන් විදුලියෙ පට්ට ගැහුවනෙ ඒ කාලෙ...

      Delete
  3. කවු දදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...