හදාගන්න මේ හිත මාගේ - සෙන්ටිග්‍රේඩ්ස් | Hadaganna Me Hitha - Centigradz


හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
එදා දුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා..
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ලා ලා ලාල ලා ලලලා....
ලා ලා ලාල ලා ලලලා....

නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

ගායනය : සෙන්ටිග්‍රේඩ්ස්(Centigradz)
පද රචනය : සජිත් දිල්පහන්
සංගීතය : තුසිත් නිරෝෂන

Comments