ආදරේ සංවේදනා - ජූඩ් රෝගන්ස් | Adare Sanwedana - Jude Rogans - sinhala lyrics



ආදරේ සංවේදනා - මා ලයේ තැන්පත් වෙලා..
වෙන්වුනේ ඔබ ඇයි කියා - හේතුව සොයනවා..
කෝ ඔබේ අංකේ පවා - දැන් වෙනස් වී ඇති නිසා..
මං එවූ පණිවුඩ පවා - දන්නේ නෑ ඔයා..
ඔය හිතේ නැතිවදෝ - පෙරවගේ ආදරේ..
නැතිනම් මොකද්දෝ කාරණේ...

ඉක්මන් තීරණයක් ගත්තේ..
තේරුම්යයි කලකට පස්සේ..
ඉස්සර පණිවිඩ දුරකථනේ..
තාම බලනවා හැමතිස්සේ..//

කල්පනාවන් හිත පිරීලා
පරණ දේවල් මතක් වෙන්නේ..
පුංචි දේටත් රණ්ඩු වීලා
ආයේ මා හා හිනැහුනා..

ගෙවා ගන්න බෑ දැන් කාලේ..
නිමාවෙන්නේ නෑ දුක මාගේ..
තාම ආදරේනම් දැනෙනවා...
ඔබෙන් තොර ලොවේ මං තැවෙනවා..

ඉක්මන් තීරණයක් ගත්තේ..
තේරුම්යයි කලකට පස්සේ..
ඉස්සර පණිවිඩ දුරකථනේ..
තාම බලනවා හැමතිස්සේ..//

දුන්නු සෙනෙහෙ අඩුද මාගේ
නොසිතු මොහොතේ වෙනස් වූයේ..
තනිවුනත් මා රැවටුනත් මා
පැරදුනේ නෑ වැරදුනා..

හදාගන්න ඉදිරිය මාගේ..
අරන් යන්න දැන් ඔය මතකේ
එන්නෙ නෑ කියාලා තේරුනා..හෝ...
ඔබේ සතුට සැමදා පතනවා..

ආදරේ සංවේදනා..

ගායනය : ජූඩ් රෝගන්ස්
පද රචනය : ලසිත ජයනෙත්ති
සංගීතය : දිල්ශාන් එල්. සිල්වා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Derana eTunes


No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...