සමාවෙනවාදෝ හැර ගියත් - සුරේන්ද්‍ර පෙරේරා | Samawenawado Hera Giyath Ma Eda - Surendra Perera - sinhala lyrics


සමාවෙනවාදෝ හැර ගියත් මා එදා...
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..//

මතකද අපි පෙර දිනකදී ආදරේ කළා..
ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..//
හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ..
බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ..
තියාගෙනයි හිතේ..

පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා..
මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා..
තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ..
දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ..
කියන්න ඇයි මෙසේ..

සමාවෙනවාදෝ...

ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - srilankabestmusic


Comments