මගේ රටට දළදා හිමි සරණයි - සනත් නන්දසිරි | Mage Ratata Dalada Himi Saranai - Sanath Nandasiri - sinhala lyrics


මගේ රටට දළදා හිමි සෙවණයි..
මගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...//

දළදා මැදුරේ රන්කොත මුදුනේ..
මිණි කිරණින් මුළු රටම අවදි වේ..//
දෙදහස් වසරක මහරු අතීතය..
සීහ තේජසින් යළි පිබිදී එයි..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - daham8


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...