මා හද අසපුව - සනත් නන්දසිරි | Ma Hada Asapuwa - Sanath Nandasiri - sinhala lyrics


මා හද අසපුව කුසුමෙන් සැරසුණු
ඒ මල් බර දෑතයි..
ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු - සිතදැඩි අවිවේකයි..

සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා..//
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා...

මා හද අසපුව...

මුවින් අමුද බිදු, බිදු වෑහේ..
සිතුම් පැතුම් එකිනෙක පෑහේ..//
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැළැල් හද මට සෑහේ..

මා හද අසපුව...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


වීඩියෝව ගත්තෙ මෙතනින් - pathm11


Comments