ප්‍රේම අංගානියේ (මල් සරා ඉඟි කලා) - රොමේෂ් සහ ලක්ෂාන් | Prema Anganiye (Mal sara ingi kala) - Romesh & Lakshan



මල් සරා ඉඟි කළා සත් පියුම් පීදුණා
හාද සේයාව මා ගාව රැඳිලා
හාදු දවටන්න පෙම් සුළඟ ඇල්මේ දුවයි
සැපට ගැවසෙන්න පැතුමක් කොහේ


රෑට රෑට පාන නිවලා
කාට කාට සිහින මවලා
මාව පේන හීනේ විතරක්
නෙතේ සඟවපන් //

භාවනාවේම මා ඉන්නේ
නුඹෙ හිත යටින්
දෑත දෝතින් දරා
ආදරේ දිව්රලා 


අමා පැහැය මුහුණෙ සඟවා
අකීකරුව බැල්මන් නොහෙලා
මාව පේන මානෙ විතරක්
ඉතින් හිනැහියන් //

චාරිකාවේම මා යන්නේ
නුඹව සොය සොයා
ප්‍රේම අංගානියේ තාම
මා තනි වෙලා


මල් සරා ඉඟි කළා සත් පියුම් පීදුණා
හාද සේයාව මා ගාව රැඳිලා
හාදු දවටන්න පෙම් සුළඟ ඇල්මේ දුවයි
සැපට ගැවසෙන්න පැතුමක් කොහේ


ගායනය - රොමේෂ් සුගතපාල සහ ලක්ෂාන්
තනුව / සංගීතය - රොමේෂ් සුගතපාල 
ගී පද - රිනාස් මොහොමඩ්




වීඩියෝව ගත්තෙ - M Entertainments



Comments

  1. සින්දුව ලස්සනයි , ගායනය සහ සංගීතය එක්කම

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...