ඈ නිහඬව නෙතු පියා - අබේවර්ධන බාලසූරිය | Ae nihandawa nethu piya - Abeywardena Balasuriya - sinhala lyrics
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //
වසඟ වී ආමෝධයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා මිහිරියේ
ඉන්න මා සඟවා
ඔබේ ළය මඩලේ
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ
කනාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතු වේ සිත මා
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //
ගායනය - අබේවර්ධන බාලසූරිය
තනුව / සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - අජන්තා රණසිංහ
හුඟක් ආස කරපු සින්දුවක්
ReplyDeleteලස්සන සිංදුවක්. අදයි ඇහුවෙ!
ReplyDelete