දුර ඈත ජීවිතේ - ලක්ෂ්මන් විජේසේකර | Dura aetha jeewitha - Lakshman Wijesekara - sinhala lyrics



දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ //

දෑසේ වේලි ඔබේ 
ආරාධනා මැවේ //
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ

දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

මා ඒ අතීතයේ
ඈ හා මුලාවෙලා //
පිදු ඒ ස්නේහයේ
සිත මා බිඳී තියේ

දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ


ගායනය - ලක්ෂ්මන් විජේසේකර
තනුව/ සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ



වීඩියෝව ගත්තෙ මෙතනින් - infolankamiyurugee

Comments