නටුවෙන් ගිලිහුණු පින්න මලක් - ප්‍රියාල් අමරසිංහ | Natuwen gilihuna pinna malak - Priyala Amarasinghe - sinhala lyrics



නටුවෙන් ගිලිහුණු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින් //

නටු අග පිපුණට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රුව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවඳින් මගෙ
ජීවිත යහනම සුවඳ උණේ
ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කළේ
මගෙ හද ගත්ත ල‍ඳේ
ඔබ මගෙමයි සැම දිනේ

බැද්දෙ පිපුණු මල ඉබේ පර නොවි
ගත්ත නිසා මගෙ හදේ ලැගුම්
පින්න කැකුලියේ ඔබ සුරකින්නම්
තියන තුරා මගෙ හදෙ සුසුම්
ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කළේ
මගෙ හද ගත්ත ල‍ඳේ
ඔබ මගෙමයි සැම දිනේ

නටුවෙන් ගිලිහුණු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින්
ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කළේ
මගෙ හද ගත්ත ල‍ඳේ
ඔබ මගෙමයි
ඔබ සුවඳයි
ඔබ සුවඳයි


ගායනය - ප්‍රියාල් අමරසිංහ
තනුව / සංගීතය - රෝහණ ධර්මකීර්ති
ගී පද - ප්‍රියාල් අමරසිංහ


 

 වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyal Amarasinghe

Comments