පිබිදෙන මල් ගැන - ඇනස්ලි මාලෙවන | Pibidena mal gena - Annesly Malewana - sinhala lyrics



පිබිදෙන මල් ගැන වැටෙනා පිණි ගැන
සොයා බලන්නට මට නිවනක් නැත
මගෙ සිත පිරිපුන් ඔබ ගැන සිතුවිලි
පුරා සඳක් සේ පිරී රැ‍‍ඳෙනු ඇත

මොහොතක් පාසා ඔබ ගැන සිතනා
මම කොහිදෝ ඔබ කොහිදෝ
සෙනෙහස් ගඟුලේ කිමිදේ සැනසේ
ඔබ දකිනා සඳ මගෙ සිත සැනසේ

තුරු සෙවණේ අපි තනි වී සිටියා
සිහිවේදෝ සිත කැළඹේදෝ
සොඳුරු ලොවක ඇති පැහැය සිතෙහි නැත
ඔබ ගැන පමණි විමසන්නේ සිත

පිබිදෙන මල් ගැන වැටෙනා පිණි ගැන
සොයා බලන්නට මට නිවනක් නැත
මගෙ සිත පිරිපුන් ඔබ ගැන සිතුවිලි
පුරා සඳක් සේ පිරී රැ‍‍ඳෙනු ඇත


ගායනය - ඇනස්ලි මාලෙවන
සංගීතය / තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන



 

වීඩියෝව ගත්තෙ මෙතනින් - Janith Liyanage

Comments