තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
සීතල පින්නට මගේ හිත තෙමුනා
ඈතින් ඈතට මගේ හිත යැවුනා
පුළුන් රොදක් සේ මගේ හිත මට දැනුනා
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
වෙහෙස නිවා ඝන අඳුරේ
සිසිල සදා තරු එළියේ
පියමැනලා මල් ගොමුවේ
ඔබ දුටු දා මතක තියේ
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා
තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - රූකාන්ත ගුණතිලක
වීඩියෝව ගත්තෙ මෙතනින් - senarath bandara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...