රෑ අහසේ තරු දිලුනට
නෑ එලියක් හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් නුඹ වාගේ
සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම
සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත
පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළඟේ බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ
සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම
සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත
සැනසෙන්නම් මා ///
ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan Fernando

Lassana sinduwak
ReplyDeleteඑක පරක් ඇහුවම අයේ ආයේ අහන්න හිතෙන සින්දුවක්
ReplyDelete