ඔබ පෑව හසරැල්ල - හෙන්රි කල්දේරා | Oba pewa hasarella - Henri Kaldera - sinhala lyrics


ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා

හොරැහින් බලා යන්නෙ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබේ ආදරේ
පිළිගන්න මගේ ආදරේ

ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා

හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිළිඳු ඔබේ දෑස හ‍ඬවන්නෙපා
සඳ සේ සිනාසෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ

ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න‍වා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා


ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Henry Caldera හෙන්රි කල්දේරා

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...