අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක් - වික්ටර් රත්නායක | Ape hangum walata - Victor Rathnayaka - sinhala lyrics


අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මද අඳුරේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ //


ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments