මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ
මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ
ඇයි ඔබ ආදර මල පිපුනේ
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ
මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුනේ
ගායනය - නිරංජලා සරෝජිනී පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්. එම්. ජයවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - pereraasanka

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...