දෑවැදි දෙන්නට - සුනිල් එදිරිසිංහ | Dawadi dennata - Sunil Edirisinghe - sinhala lyrics


දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ //

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මූණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ

රන් දම් පැලදිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩ කම කොච්චරද අගේ

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments

  1. මන ලන්දෙ හැගුනු මුහුනු පොටක් කෝල වෙයි ගම්මන්ඩියේ ...සින්දුව හොයල දෙන්න ප්ලීස්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...