දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ //
විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මූණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ
දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ
රන් දම් පැලදිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩ කම කොච්චරද අගේ
දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ
ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music
මන ලන්දෙ හැගුනු මුහුනු පොටක් කෝල වෙයි ගම්මන්ඩියේ ...සින්දුව හොයල දෙන්න ප්ලීස්
ReplyDeleteඔය කියන්නෙ කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ සින්දුව
Delete