දුර ඈත අතීතයේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Dura aetha atheethaye - Chandrasena Hettiarachchi - sinhala lyrics
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
බොලඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ සැරි සරමු අපි
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ඔබේ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතු නොපැතු ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකේ හදවත පතුලේ රැඳී
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද - හේසලා ගුණතිලක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ektam Ge

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...