මිදි ඇඹුලයි කියලා - සෞම්‍යකුමාර යාපා බණ්ඩාර | Midi ambulai kiyala - Saumyakumara Yapa Bandara - sinhala lyrics
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
මායිම් නැති ලෝකයක් කරා
අප පියවර මැනලා
ජිවිතයේ මුල මැද අග සෙව්වා
හදින් හදක් පුබුදා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
සලා වැටුම් දහසක් ගෙවලා
මී වද පැණි පිරුවා
රුචි රුචි කුසුමේ පෙති දිග හැරුණා
සිතුම් පැතුම් සනසා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
ගායනය - සෞම්‍යකුමාර යාපා බණ්ඩාර
සංගීතය - දයාරත්න රණතුංග
ගී පද - ඔගස්ටස් විනයාගරත්නම්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Api Machan

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...