වලාකුලක් මෙන් ඇතට පාවුණ - ජී.එස්.බී. රාණි පෙරේරා ‍| Walakulak men - GSB Rani Perera - sinhala lyrics


වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසුරුණු පියඹන කවුඩකුගේ
නැගී බිඳුණ රළ වරළස වාගේ බොර වී ගලන ග‍ඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ

කැලෑ මලක් ලෙස දෙපයට පෑගුණ ගොරහැඩි මිනිසකුගේ
කුණා‍ටුවක් වී වියරුව විසිරී පැන ගිය වනය දිගේ
හිඟා කකා ඔය ගෙමිදුල වෙත ආ යාචක ළඳක වගේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ

රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවෙන්නේ
ගුම් හඬ දීගෙන දිව යන දිය ‍රැළි වැලි මත වියැලෙන්නේ
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අපි ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ

වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසුරුණු පියඹන කවුඩකුගේ
නැගී බිඳුණ රළ වරළස වාගේ බොර වී ගලන ග‍ඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
සංගීතය - එම්.කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර
‘මහ රෑ හමු වූ ස්ත්‍රිය‘ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus

මේ අනුවාදයත් අහන්න

Ma Nowana Mama with Indika Upamali - TV derana



Comments