නුඹ නාඬන් සුදු - ජොලි සීයා (චන්දු ද සිල්වා) ‍| Nuba nadan sudu - Joli Seeya (Chandu De Silva) - sinhala lyrics


නුඹ නාඬන් සුදු මම දැන් ඩීසොන්
මීට පස්සෙ මම බොන්නෙ නැතෝ
නෙයියාඩං ටිකක් කෙරුවට කෝලං
මීට පස්සෙ වද දෙන්නෑ //

අඬලා දොඩලා පොළවේ හැපිලා
රැව්වට ගෝරි දමා
සුදෝ මම රැව්වට ගෝරි දමා
නොදොඩා නොතලා නුඹ තනි කොරලා
යන්නේ නෑ නේද දමා
එ සුදෝ යන්නෙ නෑ නේද දමා

නුඹ නාඬන් සුදු මම දැන් ඩීසොන්
මීට පස්සෙ මම බොන්නෙ නෑ
නෙයියාඩං ටිකක් කෙරුවට කෝලං
මීට පස්සෙ වද දෙන්නෑ

කසිප්පු බීමත් මට දැන් තහනං
බොන්නෙ නෑ විස පානේ
සුදෝ මම බොන්නෙ නෑ විස පානේ
උත්සහ කොරලා මම හොඳ වෙන්නම්
ඇහුණද සුදු නෝනේ
ඔයාට ඇහුණද මගෙ මැණිකේ

නුඹ නාඬන් සුදු මම දැන් ඩීසොන්
මීට පස්සෙ මම බොන්නෙ නැතෝ
නෙයියාඩං ටිකක් කෙරුවට කෝලං
මීට පස්සෙ වද දෙන්නෑ //

මීට පස්සෙ මම බොන්නෙ නෑ
මීට පස්සෙ වද දෙන්නෑ ///


ගායනය - ජොලි සීයා (චන්දු ද සිල්වා)




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments