සඳ මෝරා උඩු ගුවනට - මාලිනී බුලත්සිංහල | Sanda mora uduguwanata - Malini Bulathsinhala - sinhala lyrics


සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබේ රුව පෙනෙනවා
කවුළුව තුලින් මට

ඉකිලන හදින් තනි යහනේ
ඉන්න විට
හැමටම වඩා මා ගැන
දුක හිතෙයි මට

පහන් දොරින් හිරු
එබිකම් කරන සඳ
මා අසලින් නුඹ
නැතුවා දුකකි

සීතල නිය තුඩින්
මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට
නැතුවා දුකකි

ගායනය - මාලිනී බුලත්සිංහල
සංගීතය - කාලෝ විජේසිරි
ගී පද - තිස්ස අබේසේකර


“වත්සලා අක්කා“ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube



Comments