සඳ බොඳ වී යන විටදී - අජිත් පෙරේරා ‍| Sanda bonda wee yana witadi - Ajith Perera - sinhala lyrics

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළඟින් රැඳෙන්නෙමී
රකිමි ආදරෙන්
මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමී //

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

සාගරේ තරම් කියූ
විශාල වූ ආදරේ
බිඳුණි මා ඔබේ
සිතේ හැඟුම් ගැන ළඳේ
හඳුනා නොගත් නිසා //

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ //



ගායනය, සංගීතය - අජිත් පෙරේරා
ගී පද - හේමසිරි හල්පිට



වීඩියෝව ගත්තෙ මෙතනින් - coolthili

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...