මුදු සඳ රැස් - කිත්සිරි ජයසේකර | Mudu sanda res - Kithsiri Jayasekara - sinhala lyrics


මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ... පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ... ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ... සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ... සුසුම් තියේ

තුනු අග සිරි දැක ඇලුම් පාන
බඹර වියේ... බඹර වියේ
සිකි පිල් වැදී රැඟුම් දෑස
නුහුරු ලියේ... නුහුරු ලියේ

ගගනත තරු හා රැඟුම් පාන
කෞමදියේ... කෞමදියේ
ලිය කෙමියක් සේ පූදින සෙනෙහස
යාද සිතේ... යාද සිතේ

මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ... පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ... ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ... සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ... සුසුම් තියේ



ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය

මේ ගීතයේ ඇතැම් වචන නිෂ්චය කරගැනීමට ඔබේ සහය දෙන්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk - Audio

Comments