යසෝදරා වේවා ඔබ - වික්ටර් රත්නායක | Yashodara Wewa Oba - Victor Rathnayake - sinhala lyrics


යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...

යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා..
කම්පා වන කල උරතල මත හිස සතපවනා..
මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා..
ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා...

යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: වික්ටර් රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi


Comments