සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා //
ඈත සීනියා
පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා
මාල ගොතාලා
ගීත ගයාලා //
තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා
මිහිරි ගීත ගය ගයා
පේළි සැදීලා
සිනා පපා වටේ යතා
නටති සිනා ලා
බාල වූ ළමා
සදති මල් දමා
දෙපා පදින් පදට තබා
කිකිණි සලාලා
දෑත නගාලා
නේත්‍ර විදාලා //
නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා
සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - බී. එස්. පෙරේරා
පද - ආර්.එන්.එච්. පෙරේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus

These are the songs we should feel
ReplyDelete