සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ
එන්න සුදෝ එන්න අනේ
එන්න මා වෙතේ
එන්න මගේ සුරත ගන්න
පෙම් දමින් වෙලා
පෙමෙහි මිහිර විඳ අපි
දිවිය ගෙවමුදෝ
එලොවැ මෙලොවැ සියළු සැපට
ඔබමැ කරුණු වේ
සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ
ගිරා හඬත් කොහෝ හඬත්
කෝකිල නාදේ
සමග රැගෙන මැවුණු රිදී
හඬක් මෙන් අගේ
සොඳුර නුඹගෙ කට හඬේ
ලලිත සුමිහිරී
එන්න අනේ මා නලවා
යන්න පියබඳේ
සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ
ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - හියුබත් දිසානායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

niceeeeeesssss
ReplyDeleteසුවඳ රෝස මල් නෙළා - මාලයක් ගොතාලා" මෙම පද පෙළෙහි ඇතුළත් කණ්ඨජාක්ෂර දෙකක් දැක්වෙන වචන දෙක වන්නේ.....
ReplyDeleteරෝස මලයි පිච්ච මලයි එකට එකතු වී... මැවුණ අරුම මලක් වගෙයි මුහුණ සුදු ඔබේ...
ReplyDeleteරෝස මලයි සමන් මලයි එකට එකතු වී... මැවුණ අරුම මලක් වගෙයි මුහුණ සුදු ඔබේ...
Delete