ආදරයක හැඟුමක් සිතෙහි - විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල | Adarayaka hangumak sithehi - Vijaya Kumarathunga, Malani Bulathsinghala - sinhala lyrics



ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //

දෙමාපියන් සොහොයුරන් වෙතේ
හද පිදි ආදරෙ ඉමක් නැති //
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් හිතේ

ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි

මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී //
මා හද තුල මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී

ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //


ගායනය - විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල
තනුව, ගී පද - උපාලි අත්තනායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments