මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා - එම්.එස්. ප්‍රනාන්දු | Muthu sewwemi muthuda hamu wuna - MS Fernando - sinhala lyrics


මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ //

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ

නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ //
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sarath Fernando

Comments

  1. ස්තුතියි. හොඳ සින්දු අඩවියක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...