මුතු වරුසාවක් වැහැලා - ක්ලැරන්ස් විජේවර්ධන | Muthu warusawak wahala - Clarance Wijewardena


මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණ දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... //

බින්දු බින්දු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට ආ දිනේ

මුතු වරුසාවක් වැහැලා...

නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස අඳුනයි ජීවිතේ

මුතු වරුසාවක් වැහැලා... ///

ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

Comments