පරවුණු මල් - සී.ටී. ප්‍රනාන්දු | Parawunu mal - CT fernando


පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ.... //

රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන් //
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
එන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ

කාසිපණම් අතේ මිටේ නැතෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණැයි හිතාලා //
ශෝ‍ක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
තනුව - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments

  1. එන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

    ReplyDelete
  2. කාසිපණම් අතේ මිටේ නැතයි කියාලා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...