ඈත යාවී.. ඈත යාවී..
ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ....
දෑතේ සවී හබලේ රැඳී
පාවෙන්නේ රෑ යාමයේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
පිරවෙන්නේ මඩියයි අපේ..
රෑ අඳුරේ...
වෙරළේ පැලේ සොඳුරිය මගේ
අයදින්නේ පිහිටයි ඔබේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
රැකදෙන්නෙ ජීවේ අපේ..
රෑ අඳුරේ...
සුළගේ සෙනේ රුදුරුයි වගේ
ඔරුවේ රුවල් බිඳ වැටේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
ගෙනයන්න ගොඩබිම වෙතේ...
රෑ අඳුරේ...
සයුරේ ජලේ සැමදා මෙසේ
දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ
කිසිදාක සැකයක් නැතේ..
රෑ අඳුරේ...
ගායනය - ආත්මා ලියනගේ
සංගීතය - ආත්මා ලියනගේ
ගී පද - උපාලි රංජිත් පතිරගේ
වීඩියෝව - A S Bandara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...