සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා (මාලා) - පෝල් ප්‍රනාන්දු | Sanda pana wage obe ruwa dilisila (Mala) - Paul Fernando - sinhala lyrics
සඳපාන වගේ ඔබ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැවීලා
මාලා ඇවිත් මගේ කණට ඔයා ළං වෙලා
කියන්නකො ආදරේ කියාල
මාලා මම ඔබ ගැනම හිතාල
අහසේ රන් මාලිගා තනාල
ඔයා මගේ මං ඔයාගෙ යැයි පතාල
කියන්නකො ආදරේ කියාල
ලස්සන ගී ගයා රස කරලා
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයාගෙයි කියලා
කියන්නකෝ මගේ සුදු මාලා
සඳපාන වගේ...
පෙම් ලොව සැරිසරා පියඹාලා
ආවේ ඔබ සොයා සුදු මාලා
ගෙල පළඳාලා මල් මාලා
පිළිගන්නම් ඔයා සුදු මාලා
සඳපාන වගේ...
කියන්නකො ආදරේ කියාල... ///
ගායනය - පෝල් ප්‍රනාන්දු
තනුව - ප්‍රියා පිරිස්
පද - පෝල් ප්‍රනාන්දු
පින්තූරය - srilankanrecords.com
වීඩියෝව - goonewj

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...