රුවන් වලා විමානේ - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල | Ruwan Wala Vimane Siri Yahanawo - H.R.Jothipala, Latha Walpola - sinhala lyrics


රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..

මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ලඳේ..
නෑ තාම උණුසුම කුමරූ..
යමු තනිවෙන්න මිටියාවතේ..
ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
විලවුන් විජිතේ මගේ වාසනා..

රුවන් වලා විමානේ...

කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන් පරාදීසයේ..
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා..
අර ඇසුනාද මනමාලියේ..
පවසන්න මට ලංව මුමුණා
මා පෙර නෑසූ පෙම් ගායනා..

රුවන් වලා විමානේ...

ගායනය : ලතා වල්පොල, එච් ආර් ජෝතිපාල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් ද අල්විස්

"අම්මේ ඔබ නිසා“ චිත්‍රපටයේ ගීතයක්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nilusha Sandamali


1 comment:

  1. //රුවන් "වලා විමානේ"
    සිරි යහනාවෝ දුටුවාදෝ..//

    මේක තමයි අකුරැස්සෙ සහ තංගල්ලෙ පලාත් ගීය

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...